253 වීතීය සංකප්ප ජාතකය


තවද ලෝකනාථවූ සර්වඥයන් වහනසේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්ත්‍රීන් කෙරේ පිළිබඳ භික්ෂූ කෙණෙකුන් වහනසේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක්තරා භික්ෂූ කෙණෙකුන් වහන්සේ ස්ත්‍රියක් කෙරේ පිළිබඳව හිඳිනා දැක සර්වඥයන් වහන්සේට දක්වන්නා එඹල මහණ උත්තමයෝ පවා මේ පංචකාමය නිසා මිනීමරා පෙරලා තපස්රැක්කෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේකී.

ඒ කෙසේද යත්.

 


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි රජ්ජුරුවන්ට දරුකෙණෙක් නැත්තාහ. ඒ රජ්ජුරුවෝ තමන්ගේ අන්තඃපුරවාසීන්ට කියන්නාහූ දරුවන් ප්‍රාර්ථනා කරවයි කීහ. එකියන අන්තඃපුරවාසී ඒ නියාවට දරුවන් පතා නැතක්කල් ගිය බෝධිසත්වයෝ බඹලොවින් චුතව අවුත් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ ගත්හ. දස එකඩමසකින් උපන්නාහ. උපන් දවස් නාවාපියා එක් කිරීමවක් අතට දුන්හ. ඒ කිරීමට අතට යන්නාවූ බෝධිසත්වයෝ අඬන්ට වන්නාහ. එවිට අනිත් ගැනියෙක් අතට වැඩුහ. එවිට කුමාරයෝ අඬන්නට වන්හ. මේ නියායෙන් ගැනුන් අත වැඩූව. ඩුසේ අඬනහෙයින් පිරිමින් අතට වැඩූහ. එවිට නාඬන්නාහ. එතැන්පටන් පිරිමින් විනා ගෑනුන්වැඩූකලම අඬනාහ. එසේහෙයින් පිරිමි වඩනාහ. කිරිපොවන තැටියේ වත්කොට පොවන්නාහ. නැත්නම් මෑනියන් වහන්සේ තිරයෙන් පිටසිට තණපුඩුව මෑත්කොට කිරිපොවන්නාහ. මේ නියායෙන් වැඩිවිය පැමිණි පසුත් ස්ත්‍රීන් නොදක්නාහ. එබැවින් රජ්ජුරුවෝත් වෙන මාලිගාවක් කරවා වෙනම සයනය කරණ නියෙයන් සැලැස්සූහ. ඒ කුමාරයන්ට වයස සොළොස් ඇවිරිදි පිරුණුකල රජ්ජුරුවෝ සිතන්නාහූ මාගේ අත්තේ එකම පුතනුවෝය. ඔහු වනාහී මා ඉක්බිති රාජ්‍යය කරන්ට උවමැනව, රාජ්‍යය කළනම් ස්ත්‍රින් සමග පංචකාම විෂය අනුභව කරන්ට උවමැනව, එසේහෙයින් මාගේ පුතනුවන් ස්ත්‍රීන් නොදකිනාහෙයින් රාජ්‍යයකරන්ට බැරිය. කරන්නේ කිම්දැයි කියා වික්‍ෂේපව උන්සේක. ඒ වෙලාවට එක් ගීකීමෙහි දක්ෂ වූ ස්ත්‍රියක් රජ්ජුරුවන් කරා අවුත් කියන්නී දේවයන් වහන්ස වික්‍ෂේපව උන්න් ඇයිදැයි විචාරා එඹල මාගේ පුතනුවන් අසනඝ කුමාරයන් ස්ත්‍රීන් වසඟනොවන හෙයින් වික්‍ෂේපව ඉදිමියි කීහ. එවිට ස්ත්‍රී දේවයන් වහන්ස මේ නිසා නුඹවහන්සේ වික්‍ෂේපවන්ට එපයි මම ගීකියා විනාගා ලබ්බවාගණ්මි සිතා ඒ ස්ත්‍රී කුමාරයන් ලඟසිටි පුරුෂයන්ට කියන්නී මා සෙට ගී කිය වීනා ගායනාකෙරෙමි, එවිට කුමාරයන් වහන්සේ කීදෙයක් ඇත්නම් මට කියවයි කියන්නා යහපතැයි ඒ පුරුෂයෝ ගිවිස්සාහ. එකියන ස්ත්‍රීන් පසුවදවස් දුරසිට ගී කී නියාවට විනා නාදකරන්ටවන. එක්‍ෂණයෙහි රාජ කුමාරයාත් කන්දී අසාගෙණ වැඳ හොත්තේය. කන්දී අසාගෙණ වැදහොත් පවත් ඒ ස්ත්‍රී අසා දෙවන දවස් ලඟසිට ගායනාකළේය. එවිට බෝධිසත්වයෝ එකියන ස්ත්‍රිය මාගේ ගෙට කැන්දාගෙයි ඇතුලේ සිට ගිතිකා විනානාදකරන්ට කියවයි කීහ. යහපතැයි කියා ලඟට කැඳවා ගී අස අසා ඈ හා සමඟ ලෝකාස්වාද රතියෙහියෙදී පංචකාමයෙහි තත්පරව පංචකාම විෂය මා මිසක් අනික්කෙණෙකුන් අනුභව කරන්නෙම් කින්දැයි කඩුවකොපුවෙන් අයාගෙණ විථියට බැස මිනිසුන් පොළුගසන්ට වන්හ. මේ නියායෙන් මිනිසුන් පොළුගසාගෙණ විථියේ නික්මුණු නියාව රජ්ජුරුවන් අසා තමන්ගේ මිනිසුන් යවා ඒ කුමාරයන් අල්වා එකියන ස්ත්‍රී ඒ කුමාරයත් දෙන්නාම නුවරින් නෙරපූහ. එකියන ස්ත්‍රීන් කුමාරයෝත් දෙන්නම හිමාලය වනයට ගොස් ඒකන්නකම් සමුද්‍රයහා එකන්නකිම් ගඟක් ඇති එක් ස්ථානයක පන්සලක් කොට වාසය කරන්නාහ. එකියන ස්ත්‍රීය පන්සල ඉඳූවා බෝධිසත්වයෝ ඵලාඵල ගෙණවුත් දෙන්නාහ. ඒ ස්ත්‍රින් පිසලාලා ඉන්නීය. මේ නියා දවස් අරණ කල්හි මුදමැද්දේ දිවයිනක වසන්නාවූ තාපසකෙණෙක් ඵලාඵල නිසා ආකාශයෙන් වනාන්තරයට යන්නාවූ බෝධිසත්වයන්ගේ ගෙයි දුම් පෙණෙන්නා දැක ඒ ගෙයකරා බටහ. ඒ වෙලාවට බෝධිසත්වයෝ ඵලාඵල කඩා වනාන්තරයට ගියහ. ඒ වෙලාවට ඒ තාපසයෝ ඒ පන්සලට පටහ. ඒ ස්ත්‍රී ඒ තාපසයන් පන්සලට වඩා වළඳවා ඉක්බිති වඩිනේ යහපතැයි කියාත් රඳවා තමාගේ භාවනාව දක්වා තාපසයන් ලබ්බාගන උන්හා කැටිව ලොකාස්වාද රතියෙහි යෙදුනාහ. ඒවෙලාවට බෝධිසත්වයෝ ඵලාඵල කඩාගෙණ පන්සලට වන්නාහ. ඒ තාපසයෝ බෝධීසත්වන් දැක පන්සලින් නික්ම සමුද්‍රය ලඟට ගොස් ධ්‍යාන ඇතැයි ආකාශයට නැගෙමියි උත්සාහකොට සමුද්‍රයෙහි වැටිහුන. බෝධිසත්වයෝත් මරන්ට කඩුව ඇරගෙණ පස්සේ ළුහුබන්දා ගොස් තාපසයන් දැක මේ තාපසයන් පළමු සාර්ධිපිරිහුන මුන්ට සෘද්ධි උපදවන්ට උවමැනවයි සිතා කියන්නාහූ තාපසයෙනි ස්ත්‍රීන් කෙරේ පිළිබඳවීමෙන් ධ්‍යානයෙන් පිරිහුන ස්ත්‍රීහූ නම් සියල්ල දවන්නාවූ ලැව්ගින්නක් මෙන් අවැඩකරණ සුල්ලභ ආශිර්විෂයෙකුමෙන් දෂ්ටකරණ සුල්ලභ. යම්සේ කඩුවගෙණ මරණව සිටි පුරුෂයෙකු හා සමග කරන්නාවූ කථාව යහපතට යෙයි ස්ත්‍රීන් හා කරණ කථාව වැඩකට නොසැලසෙයි කියා බෝධිසත්වයන් කියන්නාහූ බණ අසා තාපසයෝ සමුද්‍රයෙහි සිටම ධ්‍යන උපදවා තමන් වසන්නාවූ දිවයිනට ගියාහ. එවිට බෝධිසත්වයෝත් මෙසේවූ බරාබෑරීහැර ධ්‍යන උපදවා ආකාශයෙන් යෙමිසිතා එකියන ස්ත්‍රීය ගෙණගොස් මාගසිටවා කැමති තෙනකට යවයි කියා බෝධිසත්වයෝ පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා මිය පරලොව ගියාහයි වදාරා මේ චුල්ලනලොභන ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි අසනිඝාත කුමාරයෝ නම් බුදුවූ මම්මයයි වදාළසේක.