Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
13 අයාචිත භක්ත ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

 

 

තවද එක්සමයෙක්හි තුන්ලෝවාසීන්ට ගෞරවස්ථානීය වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි සතර ඉරියව්වෙන් යුක්තව වැඩ වාසය කරණ සේක් දේවතාවන්ට යාඥාකොට බිලිපූජාව කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක. ඒ කාලයෙහි වනාහී මනුෂ්‍යයෝ වර්ණක් කර්මාන්තය පිණිස යන්නාහූ මෘග සූකරාදී ප්‍රාණීන් ඝාතනය කොට දෙවතාවන්ට බිලිපූජා කොට අපි අන්තරායක් නැතිව අර්ථසිද්ධියට පැමිණ ආවාහූ දෙවතානූභාවයෙන් මේ අර්ථසිද්ධිය වූයේ යයි සිතමින් ඌරන් මුවන් ආදීවූ බොහෝ ප්‍රාණීන් නිසා යාඥාවෙන් මිදෙන පිණිස බිලි පූජා කරන්නාහුය. එසේ කරන්නාවූ බිලිපූජා දැක භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දන්වන්නාහු ස්වාමීන් වහන්ස. මේ ප්‍රාණඝාත කිරීමෙහි වැඩෙක් ඇද්දොහෝ නැද්දෝහෝයි විචාළාහුය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසී තුබුනු කාරණය ප්‍රකාශ කොට වදාළසේක. 

 යටගිය දවස කසීරට එක් ගමෙක්හි කෙළෙඹි පුත්‍රයෙක් ගම් දොරෙහි පිහිටියා වූ නුගවෘක්‍ෂයෙක වාසය කරන්නා වූ දෙවතාවට බිලිපූජා කෙරෙමිය් ප්‍රතිඥා කොට ගොස් අර්ථසිද්ධියට පැමිණ අන්තරායක් නැතිව අවුත් එළුවන් තිරෙළුවන් ආදී වූ බොහෝ ප්‍රාණීන් ඝාතනය කොට ඇයැද ගැණීමෙන් මිදෙමියි සිතා නුග රුක්මුලට ගියේය. නුග වෘක්‍ෂයෙහි අධිගෘහිත දිව්‍යපුත්‍ර තෙම කඳවෙලෙප්හි සිට මෙසේ කීයේය. පින්වත් පුරුෂය තෝ ඉඳින් මින් මිදෙනු කැමැත්තෙහි නම් පරලොව මිදෙනු පරිද්දෙන් මිදේවා, ප්‍රාණ වධාදී වූ දුශ්චරිත කොට දැන් මිදෙන්නේද මතු පාප පාශයෙන් බැඳෙන්නේය. ඒ කාරණය දැන මෙසේ නුවනැත්තාවූ පණ්ඩිත පුරුෂයෝ මතු පාප පාශායෙන් නොබැඳෙන පරිද්දෙන් මිදෙත්. ඊට කාරණා කවරේද?. මෙබඳු මිදීම අඥනයාහට බන්ධනයට කාරණාය. මෙසේ ප්‍රාණඝාත කොට මිදී නම් අඥානයාහට බැඳිමට කාරණා වන්නේයයි කියා ධර්මදේශනා කළ සේක. එතැන් පටන් මනුෂ්‍යයෝ මෙබඳු වූ ප්‍රාණඝාත කිරීමයයි කියන ලද අකුශලකර්මයන් වැලක දානාශීලාදී වූ සුචරිත ක්‍රියාවෙහි හැසිරී දිව්‍යලෝකයෙහි උපන්නාහුය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ ආයාචිතභක්ත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වෘක්‍ෂ දේවතාව උපන්නෙම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මමම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement