Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
15 ආජඤඤ ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

 

තවද එක් සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක් හරණලද විර්යය ඇති භික්ෂුවක් හු අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට මහණෙනි. පෙර නුවණැත්තෝ විර්ය කරන්නට සුදුසු තන්හි ශර ප්‍රහාර ලැබ ගෙණ විර්යය කලාහුයයි වදාරා ඉකුත්වත් කථාව වදාළසේක. 

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පූර්වජාතකයෙහි කියන ලද ක්‍රමයෙන් සත් රජ්ජුරු කෙනෙක් නුවර පිරිවැරුවාහුය. ඉක්බිත්තෙන් එක් රථාචාර්යයෙක් භ්‍රාතෘවූ අශ්වයන් දෙදෙනකු රථයෙක් හි යොදා නුවරින් නික්ම බලකොටු සයක් බිඳ රජදරුවන් සදෙනෙක් අල්වා ගත්තේය. එකෙණෙහි වැඩිමහළු අශ්වතෙම ශර ප්‍රහාරයක් ලද්දේය. රථාචාර්ය තෙම රථය ගෙණයනුයේ රජගෙයි දොරට අවුත් වැඩිමහලු අශ්වයා රථයෙන් මුදා සන්නාහය ලිහිල් කොට එක් පාර්ශවයකින් සයනය කරවා අන් අශ්වයකු සරහන්නට පටන් ගත්තේතය. බෝධිසත්වයන් වහන්සේ ඔහු දැක පූර්වයෙහි කියනලද ක්‍රමයෙන් සිතා රථාචාර්යය කැඳවා හොත්සේක්ම මෙසේ අවවාද කළසේක. පූර්වන්දිවු යම් යම් කලෙක් හි වේ වයි යම් ක්‍ෂණයෙක්හි වේවායි යම් යම් යුද්ධ මණ්ඩලයෙක්හි වේ වයි යම් යම් කලෙක්හි වේ වයි ප්‍රහාර ලත් කල්හි හෝ නොලත් කල්හි හෝ අභිප්‍රාය දන්නා සුළු උතුම් සෛන්ධවයාම ව්‍යායාම කෙරෙයි. විර්යය කිරීමට ප්‍රාරම්භ කෙරෙයි. එහි ඛළුංකාශ්වරයෝ පිරිහෙන්නාහුය. ඒ කාරණයෙන් මේ රථයෙහි මම යොදවයි කී සේක. රථාචාර්යයා බෝධිසත්වයන් වහන්සේ නඟා සිටුවා රථයෙහි යොදා සත්වෙනි බලකොටුව බිඳ සත්වෙනි රජහු අල්වාගෙණ රථය පදිනුයේ රාජවාසභවනරයට අවුත් අශ්වයා මිදුයේය. බෝධිසත්වයන් වහන්සේ එක් ඇලයකින් හොත්සේක් යට කියන ලද ක්‍රමයෙන් රජහට අවවාද දී නිරුද්ධක වූසේක. රජ්ජුරුවෝ බෝධිසත්වයන් වහන්සේගේ ශරීරය ආදාහන කරවා රථාචාර්යයාහට ආදර සත්කාරකොට දැහැමෙන් රාජ්‍යය කරවා කම් වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශකොට වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කොට මේ ආජඤඤ ජාතකය නිමවා වදාළ සේක. චතුස්සත්‍ය දේශනාවන්ගේ කෙළවර පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අරහත් ඵලයෙහි පිහිටි සේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිර වූ සේක. ප්‍රමාර ලදින් විර්ය කොට සත් වැනි රජහු අල්වා දුන් අශ්වයා නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement