Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
17 කණ්ඩින ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

 

තවද තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්.පුරාණ දූතිකාව කෙරෙහි ලොල් වූ එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාල සේක.

මෙහි වර්ථමාන කථාව අටක නිපාතයෙහි ඉන්ද්‍රිය ජාතකයෙහි මතු ප්‍රකාශ වන්නේය. භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේද ඒ භික්ෂූ හට මහණ තෝ පුර්වයෙහි මේ මාතු ගාම නිසා ජීවිත විනාශයට පැමිණ සහල ගුරු රැසක්හි පැලහුනෙහි යැයි වදාල සේක්. භික්ෂූන් වහන්සේ ඒ කාරණය ප්‍රකශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට යාඥ්ඤාකොට දැන්වූ සේක. සර්වඥයන් වහන්සේද භාවාන්තරයෙන් පටිච්ඡන්න වූ ඒ කාරණය ප්‍රකාශ කොට වදාල සේක. මෙයින් මත්තෙහි වනාහි භික්ෂුන් වහන්සේගේ යාච්ඥාවද භවාන්තරයෙන් සැඟවුනේය යන එපමණකුත් නොකියා ඉකුත්වත් ගෙණහැර දැක්වූ සේකැයි මෙපමණක්ම කියමු. මෙපමණක් කී කල්හිත් යාච්ඥාවද වලාගැබකින් නික්මුණා වූ චන්ද්‍රයා පරිද්දෙන් භවාන්තරයෙන් සැඟවුනාවු කාරණයදැයි යන මේ සියල්ල යට කියන ලද ක්‍රමයෙන් යොදා දතයුතු. 

 යට ගිය දවස මගධරට රජගහනුවර මගධනම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කෙරෙති. මගධරට වාසීන් ගොයම්කරණ අවදියේහි මුවන්ට මහත්වූ උපද්‍රව වන්නේය. ඒ මෘගයෝ වනයෙහි පර්වත සමීපයෙහි වසන්නාහ. ඒ මුවන් අතුරෙහි එක් වලෙක ඒ පර්වත සමීපයෙහි වසන්නාවු මෘගයෙක් එක් ගමක් සමීපයෙහි වසන්නා වූ මෘගපෝතිකාවක් හා සමග මිත්‍රසන්තවය කොට ඒ මුවන් වසන්නාවූ පර්වත සමීපයෙන් බැස නැවත ගම් සමීපයට බස්නාකල්හි මෘගපෝතිකාව කෙරහි පිළිබඳ සිත් ඇති බැවින් ඈ හා එක්වම බස්නේය. ඉක්බිත්තෙන් ඒ මෘගපෝතිකා මෙසේ කීය. ස්වාමිපුත්‍රය. තෙපි වනාහි පර්වතයෙහි වසව ඉතා බාල යව. ගම් සමීපය නම් ශංකා ප්‍රතිභය සහිතය. අප හා සමග වනයෙන් නොබසුව නොඑවයි වැළකූව, ඒ මුවාද ඒ මෘගපෝතිකාව කෙරෙහි පිළිබඳ සිත් ඇති බැවින් නොවැළක ඈ හා සමග ගම් සමීපයට ගියේය. ඉක්බිත්තෙන් ඒ මගධරට වාසීහු දැන් මුවන් පර්වත පාදයෙන් බස්නාවෙලායයි දැන් මගසමීපයෙහි මුවාවූතැන්වල කොටුපත් බැඳගෙණ එහි සිටිනාහ. එ මුවාත් මුවදෙනත් එන්නාවු පෙරමග එක්මුව වැද්දෙක් කොටුපතෙක සැඟවී සිටියේය. ඒ මෘගපෝතිකාවද මනුෂ්‍යගන්ධය ආඝ්‍රාණය කොට තමා හා කැටිව එන්නාවූ බාල මෘගයා ඉදිරිකොටලා තොමෝ පස්සේ එන්නීය. ඉක්බිත්තෙන් ඒ කොටුපත සිටියාවූ වැදිද එකසැරපහරින් මුවා එතතනම විද හෙලීය. මෘගපෝතිකා මුවා එතනදීම විද හෙලීය. මෘගපෝතිකා වුවා තමා කෙරහි පිළිබඳ සිත් ඇතිව එන බව දැන පැන වාත වේගයෙන් පලා ගියොය. වැදිද කොටුපතින් නික්ම තමා විදි මුවා මස්කොට ගිනි මොලවා සාලගුරු මත්තෙහි යහපත් වූ මස් බහා පුළුස්සාගෙන යැපෙන පමණක් කා පැන් බී ඉතිරි මස් ලේ බිංදු වගුරව වගුරවා කඳෙක බැඳගෙන තමාගේ අඹු දරුවන් සතුටු කෙරෙමින් ගෙට ගියේය. එකල්හි මහා බෝධි සත්වයෝ ඒ වන ලැහැබ වෘක්ෂ දේවතාව උපන්හ. ඉක්බිත්තෙන් බෝධි සත්වයෝ ඒ කාරණය දැක මේ අඥාන වූ මෘගයාට පැමිණි මරණ මෑනියන් නිසා පැමිණියේත් නොවෙයි. පියාණන් නිසා පැමිණියේත් නොවෙයි වැලි කෙසේ පැමිණියේද. කාමය නිසා පැමිණෙියේයයි කාමය නිමිත්ත කොට ගෙන සත්වයෝ සුගතියෙහි අත් පා කැපීම් ආදියටද නරකයෙහි පස් කම් කටොළු ආදී වූ අනේක ප්‍රකාර දුඃක්ඛයන්ටද පැමිණෙති. අනුන්ට මරණ දුක් ඉපදවීම නමුදු මේ ලෝකයෙහි උත්තමයන් විසින් නින්දා කරණ ලදමය යම් ජන පදයක් ස්ත්‍රියක් විධාන කෙරේද, අනුශාසනා කෙරේද ස්ත්‍රියක් නායක කොට ඇති ඒ ජනපදය නින්දිතිය. සත්වයෝ ස්ත්‍රින් වසගත්වයට පැමිණෙද්ද ඒ සත්වයෝද නින්දිතයහයි මෙසේ නින්දිත වස්තු තුන්දෙනෙකු දක්වා වන දේවතාවුන් සාදු කාර දී ගන්ද පුෂ්පාදීන් පූජා කෙරෙමින් සිටියදී මදුර ස්වරයෙන් ඒ වන ලැහැබ ඒක කෝලාහල කෙරෙමින් ධර්ම දේශනා කරන්නාහු බෝධි සත්වයෝ මෙසේ කිව්ය. තියුණු මුවහත් ඇති තර කොට දෙසිදුරු කොට විඳින්නට සමර්ථ වූ ශරයන් ඇති පුරුෂයටද නින්දා වේ. මේ ජන පදයෙක්හි ස්ත්‍රියක් නායක කම් කෙරේද ඒසේ වූ ජනපදයටත් නින්දා වේ. යම් සත්ව කෙනෙක් ස්ත්‍රි වසඟත්වයට පැමිණියාහුද ස්ත්‍රින් කීවාම කෙරෙද්ද ඒ සත්වයන්ටත් නින්දා වේ. යනාදීන් ධර්ම දේශනා කලාහුය. මෙසේ එන ගාථාවෙන් නින්දිත වස්තූන් තූන් දෙනෙක් දක්වා බෝධි සත්වයො ඒ වනය එක නින් නාද කෙරෙමින් සර්වඥ ලීලාවෙන් ධර්ම දේශනා කලාහුය. තිලෝගුරු බුදු රජානන් වහන්සේද මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා චතුස් සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතුස් සත්‍යයාගේ කෙලවර උකටලී මහන සෝවාන් ඵලයෙහි පිහිටියේය. සර්වඥයන් වහන්සේද වර්ථමාන කථාව හා අතීත කතාව වදාරා පූර්වාපර සන්දි ගලපා මේ කණ්ඩින ජාතකය නිමවා වදාල සේක.

එකල්හි පර්වතස්ත මෘගයානෝ නම් දැන් මේ සාසනයේ උකටලී වූ භික්ෂුහුය. එකල්හි මෘගයානන් හැර දිවු මෘගපොතිකා නන් මේ පුරාණ දූතිකාය කාමයෙහි දොස කියා ධර්ම දේශනා කල දේවතාණෝ නම් ලොව්තුරා බුදු වූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාල සේක.


 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement