Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
33 සමෙමාදමාන ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි ශාක්‍යකුලතිලකවූ බුදුරජානන් වහන්සේ කිඹුල්වත්පුරය ආශ්‍රය කොට නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරණසේක් සුඹුළුඩබරක් අරභයා මේ ජාතකය වදාළසේක.

එය කුණාල ජාතකයෙහි මතු ප්‍රකාශවන්නේය, ඒ කාලයෙහි වනාහි බුදුරජානන් වහන්සේ නෑයන්ට ආමන්ත්‍රණය කොට මහරජදරුවෙනි නෑයන්ගේ ඔබිමොබ විවාද කිරීම නම් නුසුදුසුය. තිරශ්චිනගතයෝද පූර්වභාගයෙහි සාමාග්‍රීව වසන්නාහු පසමිතුරන් මැඩපැවත යම් දවසක විවාදකළාහු ද එකල්හි මහත් විනාශයට පැමිණියාහු යයි වදාරා නෑ රජදරුවන් විසින් යාච්ඤාකරණලදුව ඉකුත්වත් කථාව දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරණ කල්හි අප මහාබෝසතානන් වහන්සේ වටුජන්මයෙහි ඉපිද නොයක් දහස්ගණන් වටුවන් පිරිවර කොට ඇතිව අරණ්‍යයෙහි වසන සේක එකල්හි එක් වටුවැද්දෙක් ඒ වටුවන් වසනතැනට ගොස් වටුවන්ගේ හැඬිම කොට ඔවුන් රැස්වූ බැව්දැන ඔවුන්ගේ මතයෙහි දැළදමා කෙළවරෙහි පටන් මඩිමින් සියල්ලවුන් එක්තැන් කොට පැසපුරවාගෙට ගොස් ඒ පැටවුන් වීකොට ඒ මිලයෙන් ජීවිකාව කරන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් බෝධිසත්වයන් වහන්සේ ඒ වටුවන්ට කියන්සේක් මේ පක්ෂි වැදිතෙම අපගේ නෑයන් විනාශයට පමුණුවන්නේය. මම එක් උපායෙක් දනිමි. මේ තෙම යමක්හු විසින් අප අල්වාගන්නට නොහැකිවන්නේද අද මෙතැන් පටන් මේ වැද්දා විසින් අප අල්වාගන්නට නොහැකිවන්නේද අද මෙතැන් පටන් මේ වැද්දා විසින් තොපගේ මත්තෙහි දැල දැමුකල්හි එකෙක් එකෙක් එකෙකි දැල් අසෙක් හිස තබා දැල ඔසවා කැමති තැනකට ගෙණ ගොස් එක් කටුලැහැබෙක්හි බහව එසේ දැමු කල්හි යට ඒ ඒ තැනින් දිවම්හයි කී සේක. ඒ සියල්ලෝ යහපතැයි කියා පිළිගත්තාහුය. දෙවැනි දිනයෙහි මත්තෙහි දැල දැමු කල්හි බෝධිසත්වයන් විසින් කියන ලද ක්‍රමයෙන් ම දැල ඔසවා එක් කටුලැහැබෙක්හි බහා තුමු යටි දිසාවෙන් ඒ ඒ තැනින් දිවගියාහුය. ලැහැබින් දැල මුදාගන්නා වූ වටුවැද්දාහට විකාලය වූයේය. ඒ තෙම හිස් අතින්ම ගියේය. දෙවැනි දිනයෙහි පටන් වටුවෝ එසේම කරන්නාහුය. ඒ වැදිද සූර්යාගේ හසතංගමනය දක්වා දැල මුදමින් කිසිවක් නොලැබ සිසතින්ම ගෙට යන්නේ. ඉක්බිත්තෙන් ඔහුගේ භාර්යාව කිපී තොපි දවසකින් පාසා සිතනින් එන්නෙහිල, අනිකුදු තොපගේ පිටත රක්ෂාකරණ තැනෙක් ඇතැයි සිතමි කීවාය. වැදිතෙම කියනුයේ සුන්දරාංගණිය මට අන් රක්ෂා කරණ තැනක් නැත්තේය. වැලිදු වනාහි ඒ වටුවෝ සමගිව හැසිරෙති මා විසින් දැල දැමු පමණකින්ම දැල ගෙණ කටුලැහැබෙක්හි දමා යන්නාහුය. ඔහු හැම කල්හිම සමගිව වාසය නොකරති. තෙපි නහමක් සිතව, යම් දවසක ඔහු විවිදයට පැමිණියාහුද, එකල්හි ඒ සියල්ලවුන් ම මරා තිගේ මුහුණ සතුටුකරවමින් ගෙණ එන්නෙමි කියා භාර්යාවට කියේය. වටු පක්ෂිහු විවිද නොකරන්නාහු දැල ගෙනයති. ඒ පක්ෂිහු යම් කලෙක්හි විවාද කෙරෙද්ද එකල්හි මාගේ වසඟබවට පැමිණෙති. එකල්හි ඔවුන් ගෙණ තිගේ මුහුණ සතුටු කරවමින් එමිකියා භාර්යාව අස්වැසුයේය. කීප දවසක් ඇවැමෙන් එක් වටුවෙක් ගොදුරුබිම බස්නේ නොසලකා අනිකක්හුගේ ඉස ඇක්මවිය අනික් වටුවා මාගේ හිස කවරෙක් ඇක්මිදැයි කියා කිපුනේය. මම නොසලකා ඇක්මවිම නොකිපෙවයි කී කල්හිද කිපුනේය. මම නොසලකා ඇක්මවීම නොකිපෙවයි කී කල්හි ද කිපුනේමය ඔහු නැවත නැවත කියන්නාහු තෙපිම දැල ඔසවන්නෙහි යැයි සිතමි කියා ඔහුනොවුන් විවිද කළාහුය. ඔහු නොවුන් විවාද කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ විවිද කරන්නවුන් කෙරෙහි යහපතෙක් නම් නැත්තේය. දැන්ම ඔහු දැල නොඋසුලන්නාහු එයින් මහත් විනාශයට පැමිණෙති. වැවිදිතෙම අවසර ලබන්නේය මා විසින් මෙතැනිහ් වසන්ට නොහැකියයි සිතුසේක. බෝධි සත්වයන් වහන්සේ තමන් පර්ෂිත් ගෙණ අන්තැනකට ගියසේක. වටුවැදිවනාහි කීපදවසකින් අවුත් වටුහඩින් හඩා රැස්වුවාවු ඔහුන්ගේ මුදුනෙහි දැල බැහුයේය. ඉක්බිත්තෙන් එක් වටුවෙක් දැල උසුලන්නා වූ තාගේ වනාහි මස්තකයෙහි රෝමයෝ පතිතවූවාහුය. දැන් ඔසවයි කීයේය. අනිකෙක් දැල ඔසවන්නා වූ තාගේ වනාහි පක්‍ෂපතතත්‍රදෙකෙහි සත්‍රයෝ පතිතවූවාහුය. දැන් උසුලවයි කීයේය. මෙසේ ඔවුනොවුන් තෝ උසුලව තෝ උසුලවයි කියද්දීම වැදිතෙම දැල ඔසවා සියලු වටුවන් එක්කොට පැස පුරා භාර්යාව හාස්‍ය කරවමින් ගෙට ගියේය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මෙසේ මහරජ නෑයන්ගේ ඩබරනම් නුසුදුසුය. ඩබරකිරීම් විනාශයට කාරණයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වෝපර සන්ධි ගළපා මේ සමෝද්මාන ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි නුවනැති වටුවානස් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. ප්‍රඥාවන්ත වටුව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදුරජ වූ මම ම වේම්දැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.


 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement