Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
34 මත්ස්‍ය ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හී ලෝකාලෝකදීවාකර වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් පුරාණ දුතියිකා පලෝගනයක් අරභයා මේ ජාතකය වදාළ සේක.

එසමයෙහි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක. එසමයෙහි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට සැබෑද මහණ තෝ උකටලී වී දැයි විචාළසේක. සැබෑව ස්වාමීනි දැන් වූ කල්හි කවුරුන් විසින් උකටලීකරණ ලද්දේ දැයි විචාළසේක. ස්වාමීනි මාගේ පුරාණ භාර්යා තොමෝ මාකෙරෙහි බලවත්වූ සෙනහ ඇත්තීය එසේ හෙයින් ඈ ඈරුපියන්ට අස තර්ථයෙමියි කීය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඕහට වදාරණ සේක් මහණ ඒ ස්ත්‍රී අනතර්කාරිණිය. පෙරත් තෝ ඈ නිසාම මරණයට පැමිණ මා නිසා මරණින් මිදුනෙහි වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

 

 


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරණ කල්හි අප මහා බෝසතානො ඒ රජ්ජුරුවන්ට පුරෝහිතව උපන්නාහුය. එසමයෙහි කෙවුලො ගඟට දැල් දැමුය. ඉක්බිත්තෙන් එක් මහා මත්ස්‍යයෙක් රතික්‍රිඩා වශයෙන් තමාගේ මත්ස්‍යධෙනුව හා සමග කෙළිමන් එන්නේය. ඔහුගේ ඒ මත්ස්‍යධෙනුතොමෝ පෙරත්තුව යන්නී ජලහන්‍ධය ආඝ්‍රාණය කොට දැල වළහා ඉවතින් ගියාය. ඒ කාමයෙහි ගිජූවූ ලොල් මත්ස්‍යයා දැල් කුසයටම වන්නේය.. කෙවුලෝ ඔහු දැලට වන් නියාව දැන දැල ඔසවා මත්ස්‍යායා ගෙණ නොමරා වැලිමත්තට දමා මොහු අඟුරේම පලහා කම්හයි ගිණිකොට අඟුරු බසිති, උල් සසිති මත්ස්‍යයා ඒ අඟුරේ පැලහීමවත් උලින් ඇනීමවත් අනික් දුකේවත් මට පීඩා නොකරන්නේය. ඒ මත්ස්‍යධෙුනුව තොමෝ මාගේ ස්වාමීයා මත්ස්‍යයා අන් මස්‍යධේනුවක හා සමඟ ගියෝදෝහෝයි යම් දොම්නසකට පැමිනේ නම් එ ්මට පීඩාකරන්නේයයි වැලි මත්තේ වැදහෙව අඬනේය. එසමයෙහි පුරෝහිත බමුණානෝ තමන්ගේ පරිවාරසමූහයා විසින් පිරිවරණලදුව නහන පිණිස ගන්තෙරට අවුය. ඒ මහබෝසතානෝ වූ කලී සියලු සත්වයන්ගේ බස් දනිති. එසේ හෙයින් ඒ මත්ස්‍යයා අඬන අඬ අසා සිතන්නෝ මේ මත්ස්‍යයා කාමරතියෙන් අඬන්නේ මෙසේ කෙලාශතුර වූ සිත් ඇතිව මියන්නා වූ මේ තෙම නරකයෙහි උපදන්නේය. එසේ හෙයින් මම ඕහට පිහිටවෙම්හයි කෙව්ලන් සමීපයට ගොස් කියන්නෝ එම්බා පින්වත්නි තෙපි අපට එක්දවසකුත් වෘංජනයකට මත්ස්‍යයෙකු නොදෙව් දැයි කිවුය. එබස් ඇසු කෙව්ලෝ කියන්නෝ ස්වාමීනි කුමක් කියන සේක්ද නුඹවහන්සේ කැමති මත්ස්‍යයෙකු ඇරගෙණ ගිය මැනවයි කිවුය. මහබෝසතානෝ කියන්නෝ අපට අන් මත්ස්‍යයෙකුගෙන් ප්‍රයෝජන නැත. මේ මත්ස්‍යයාම දෙවයි කිවුය. කෙවුලන් විසින් ගතමැනවයි ස්වාමීනි කී කල්හි මහබෝසතානෝ ඒ මත්සයා දැතීන් ඔසවාගෙණ ගන්තෙර හිඳ එම්බල මත්ස්‍යය ඉදින් මම තා අද නුදුටු යෙම්වීම් නම් මරණයට පැමිණෙන්නෙහි වේදැයි මෙතැන් පටන් කෙලශ වසඟ නොවෙවයි අවවාදකොට ඒ මත්ස්‍යාය දියට හැර නුවරට වන්නාහුය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාවගේ කෙළවර උකටලී මහණ සෝවාන් පෙලෙහි පිහිටි සේක. සර්වඥයන් වහන්සේත් පූර්වාපර සන්ධි ගළපා මේ මත්ස්‍ය ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මත්ස්‍යධෙනුව නම් දැන් පුරාණ දුතියිකාය, මත්ස්‍ය නම් උකටලී මහණය, පුරෝහිත බ්‍රාහ්මණ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement