Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
41 වෙළුක ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක් හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරණසේක් එක්තරා දුර්වල භික්ෂූවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ ඕහට වනාහි වදාරණසේක් මහණ තෝ දුර්වල වූයේ සැබෑදැයි විචාරා ස්වාමීන් වහන්ස සැබවයි දැන්වූ කල්හි මහණ තෝ දුර්වල වූයේ දැන් මතු නොවෙයි පෙරත් දුර්වවූයෙහිය දුර්වවූ බැවින්ම නුවනැත්තන්ගේ වචනය නොකොට සර්ප මුඛයෙන් ජීවිතක්ෂයට පැමිණියෙහි යයි වදාරා ඉකුත් වත් කථාව වදාළ සේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ මහාභොගකුලයෙක්හි ඉපිද වැඩි වයසට පැමින පංචකාමයෙහි ආදීනව හා මහබිනික්මන් කිරීමෙහි ආනිශංස දැක වස්තු කාමයෙන් හැර හිමාලවනයට වැද සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව කිසුණු පිරියම් කොට පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් කල් යවනසේක් මෑත භාගයෙහි මහත් පිරිවර ඇතිව පන්සියයක් තපස්විවරයන් විසින් පිරිවරණ ලදුව ගණශාසතෘව වාසය කරණ සේක. ඉක්බිත්තෙන් එක් සර්ප පෝතකයෙක් තමාගේ ස්වභාවයෙන් ගොදුරු කා ඇවිදිනේ එක්තරා තපස්වියක්හුගේ ආශ්‍රමයට පැමිණියේය, තපස්වීන් වහන්සේ ඒ සර්පයා කෙරෙහි පුත්‍රසෙනහ උපදවා ඔහු එක් වෙළුපර්වතයෙක්හි හෝ රක්ෂා කරන්නේය. ඕහට වෙළුපර්වතයෙහි හෝනා හෙයින් වෙළුකයයි කියා නමක් කළාහුය. ඔහු පුත්‍රසෙනහයෙන් රක්ෂාකරන්නාහු තපස්වීයහට වෙළුකපියා යයි කියාම නමක් කළාහුය. එකල්හි බෝධිසත්වයන් වහන්සේ එක් තපස්වියෙක් වනාහී සර්පයෙකු රක්ෂා කරන්නේ යයි අසා ඔහු කැඳවා තොපි ආශිර්විෂයා හා සමග විස්වාසයෙක් නම් නැත්තේය. මෙසේ රක්ෂා නොකරවයි කීසේක. තාපසතෙම කියනුයේ ආචාරීන් වහන්ස ආශිර්විෂයා මාගේ පුත්‍රවන්නේය. මම ඔහුගෙන් වෙන්ව වසන්ට නොහැකි වන්නෙහියි කීයේය. එසේ වීනම් මොහුගේ සමීපයෙන් ජීවිතක්ෂයට පැවිණෙන්නේහියයි කීසේක. තපස්වීන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ වචනය නොගත්තේය. ආෂිර්විෂයාද හරනට නොහැකිවූයේය. ඉක්බිත්තෙන් කීපදවසක් ඇවෑමෙන් සියලු තපස්වීවරයාේ ඵලාඵල පිණිස ගොස් ගිය තැන්හී ඵලාපලයාගේ සුලභ බැව් දැක දෙතුන් දවසක් එතැන්හිම වාසය කළාහුය. වේළුකපියානෝද ඒ තපස්වීන් වහන්සේලා හා එක්ව යනුයේ ආශිර්විෂයා හුණ පරුකෙහි හොවා පිධානකොට වසා ගියේය. ඒ තාපසතෙතම නැවත සෙසු තපස්වීවරයන් හා දෙතුන් දවසක් ඇවෑමෙන් අවුත් වෙළුකයා හට ගොදුරු දෙමියි කියා හුණ පුරුක පියන හැර පුත්‍රය ක්‍ෂුධායෙහිය එවයි කියා හස්තය දිගු කෙළේය. ආශිර්විෂතෙම දෙතුන් දවසක් නිරාහාර බැවින් කීපී දිගුකරණලද හස්තය ඩැහැ තපස්වියා එතැන්හිම ජීවිතක්ෂයට පමුණුවා වනයට වන්නේය. තපස් වීවරහු ඒ දැන බෝධිසත්වයන් වහන්සේට දැන්වූවාහුය. බෝධිසත්වයන් වහන්සේ ඔහුගේ ශරීරය ආදාහණ කරවා සෘෂි සමූහයාගේ මැද ඉඳ සෘෂින්ට අවවාද වශයෙන් මෙසේ වදාළසේක. වැඩකැමැත්තාවූ හිතවිත්තයෙන් අනු කම්පා කරන්නාහුගේ අනුශාසනාව අවවාදය යමෙක් නොහික්මිණි ද එසේ වූ පුරුෂතෙම වෙළුක නම් සර්පයාගේ පියානෝ යම්සේ හෝනාහුද එපරිද්දෙන්ම නසනලදුව හෝනේයයි වදාළසේක. මෙසේ බෝධිසත්වයන් වහන්සේ සෘෂි සමූහයාට අවවාද දී සතරබ්‍රහ්ම විහාරයන් වඩා ආයුෂයාගේ කෙළවර බ්‍රහ්මලෝකයෙහි උපන් සේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ වදාරණ සේක් මහණ තෝ දුර්වවූයේ දැන් මතු නොවෙයි පූර්වයෙහිද අකීකරු බැවින් සර්පිමුඛයෙන් පූතිභාවයට පැමිණියෙහි යයි කියා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ වෙළුක ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වෙළුක සර්පයාගේ පියාාෙන් නම් දැන් මේ දුර්වව මහණ වූ යේය. අවශේෂ පර්ෂිද් දැන් බුදුපිරිස් වූවාහුය. ගණ ශාස්තෘව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement