Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
42 මකස ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක් සමයෙක්හි ශාන්තගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ මගධරට සැරිසරා වඩනාසේක් එක්තරා ගමෙක නුවණ නැති ගම්වැසි මනුෂ්‍යයන් අරභයා මේ ජාතකය වදාළ සේක.

එක් සමයෙක බුදුරජානන් වහන්සේ සැවැත්නුවරින් නික්ම මගධ රාජ්‍යයට ගොස් එහි චාරිකා කොට ඇවිදිනා සේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගම තෙමේත් බොහෝසේ අඥාන මනුෂ්‍යයන් විසින් ගැවසීගත්තේය. එක් දවසක් ඒ ගම අඥාන මනුෂ්‍යයෝ රැස්ව කියන්නෝ් පින්වත්නි. අප වනයට වැද කර්මාන්ත කරණ කල්හි මදුරුවෝ කති උන්ගේ කෑම නිසා අපගේ කර්මාන්තයට බාධා වන්නේය. අපි ඇමදෙනම දුනු හා ආයුධ ඇරගෙණ ගොස් මදුරුවෝ හා යුද්ධ කොට සියලු මදුරුවන් විද කොට මරම්හයි මන්ත්‍රණය කොට වනයට ගොස් මදුරුවන් මරම්හයි ඔවුනොවුන් විද කොට මහදුකට පැමිණ අවුත් ඇතුළු ගමත් ගම් මධ්‍යයෙහිත් ගම්දොරත් වැදහොත්තාහුය. එකල සර්වඥයන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා ඒ ගමට පිඬුසිඟා වන්සේක. අවශේෂ මනුෂ්‍යයෝ බුදුන් දැක වැද එකත්පස්ව උන්නාහුය. සර්වඥයන් වහන්සේ ඒ ඒ තැන විත් කෙටි මෙන් ව්‍රණවූ ශරීර ඇති මනුෂ්‍යයන් දැක උපාසකවරුන් අතින් විචාළසේක. බොහෝ මනුෂ්‍යයෝ ගිලන්ව වැදහොවිති මොහුන් විසින් කුමක් කරණ ලද්දේදයි විචාළසේක. ස්වාමීනි මේ මනුෂයෝ මදුරුවන් හා යුධ කරම්හයි ගොස් ඔවුනොවුන් විද තුමු ගිලන් බවට පැමිණියෝ යයි දැන්වුය. සර්වඥයන් වහන්සේ එම්බා නුවණැති මනුෂ්‍යයෙනි. මේ අඥාන මනුෂ්‍යයන් මදුරුවන් මරම්හයි කියා තමන් මැරුවේ දැන් මතු නොවෙයි පෙරත් මදුරුවන් ගසම්හයි කියා අනුන් ගැසූ මනුෂ්‍ය කෙණෙක් වේදැයි වදාරා ඒ ප්‍රඥා මනුෂ්‍යයන් විසින් ආරාධිත වූ බුදුරජහු ඉකුත්වත් දක්වා වදාළ සේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝසතානෝ වෙළදාමෙන් ජීවත් වෙති. එසමයෙහි කසීරට එක් පසල් ගමෙක බොහෝ වඩුවෝ වෙසති. ඒ ගම එක් ඉසකේ වැගිරීගිය වඩුවෙක් දණ්ඩක් සස්නේය. එකල එක මදුරුවෙක් ඔහුගේ තඹතැටිපිටක් වැනිවූ ඉසෙහිද අඩයටියෙන් පහරණාක් මෙන් ඉස මුව තුඩින් විදිනේය. එතෙම තමා සමීපයෙහි සිටි පුතුට කියන්නේ පුත මා හිස එක් මදුරුවෙක් තෙබකින් අනින්නාක් මෙන් විදිනේය. ඔහු නවතාපියවයි කීය. එබස් ඇසූ පුත්‍රයා කියන්නේ පියානන් වහන්ස. ඉවසුව මැනවයි එක පහරින් ඒ මදුරුවා මරාපියම්යි කීය. එසමයෙහි බෝධිසත්වයෝත් තමන්ට බඩු සොයමින් එගමට පැමිණි ඒ වඩුවන්ගේ දඬුගල සිටියාහ. ඒ වඩ්ඪකී පුත්‍රයා මදුරුවා දුරුකෙරෙමියි සියුම් මුවහත් ඇති මහ පොරවක් ගෙණ පියාගේ පිටිපස්සේ සිට මදුරුවා ගසමියි පියාගේ හික දෙකක් කොට පැළුයේය. වඩුවා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය. බෝධිසත්වයෝ ඔහුගේ ක්‍රියාව දැක සතුරා උවන් නුවණැති තැනැත්තේ උත්තමය. ඒ නුවණැත්තාවූ සතුරා අනුන් තමා මරතත් දඩ ගනිතත් ඒ දණ්ඩනාදියෙහි භයින් මනුෂ්‍යයන් නොමරන්නේයයි සිතා මෙසේ කිවුය. නුවණින් යුක්ත වූ සතුරා උතුම්, නුවණ නැත්තාවූ මිත්‍රයා උතුම් නොවෙයි කුමක් හෙයින්ද යත්, මේ කෙළ තොළුවූ නුවණ නැති පුතත්‍රයා මදුරුවා මරම්යි තමාගේ පියාගේ ඔළුව පලාපිය. එසේ හෙයින් අඥාන වූ මිත්‍රයාහට වඩා ප්‍රඥා වූ අමිත්‍රයාම උතුමැයි. මෙසේ මහ බෝසතානෝ එතනට පැමිණ සත්වයන්ට ධර්මදේශනා කොට හුනස්නෙන් නැගී ගොස් කම්වූ පරිද්දෙන් මිය පරළොව ගියෝය. වඩුවාගේ නෑයොත් ඔහු දවාපුය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ උපාසකාවරුනි පෙරත් මදුරුවා ගසම්හයි අනුන් ගසා මැරූ මනුෂ්‍යයෝ ඇත්තෝම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ මකස ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි එතනට පැමිණ සත්වයන්ට අවවාද කොට ගියාවූ නුවණැති වෙළදානෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement