Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
43 රොහිණි ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක් සමයෙක්හි බුදුරජානන් වහන්සේ දෙව්රම්වෙහෙරෙ වැඩවසන සේක් අනේපිඬු මහාසිටානන්ගේ දාසියක් අරභයා මේ ජාතකය වදාළ සේක.

අනේපිඬු මහසිටානන්ගේ වනාහී රෝහිණි නම් වූ දාසියක් වූවාය. ඒ දාසියගේ වී පහරණ තැනට අවුත් මැහැළිවූ මෑණියෝ හොත්තීය. එර් මැහැලි ස්ත්‍රිය මැස්සෝ පිරිවරා හිදියෙන් විදිනාක් මෙන් කන්නාහුය. ඕ තොමෝ දුවනියන්ට කියන්නී දියනියෙනි මක්‍ෂිකාවෝ මා කති මොවුන් වලක්වයි කිව ඕතොමෝ මෑණියෙනි වලක්වමියි කියා මොහොළ ඔසවා මෑණියන්ගේ ශරීරයෙහි මක්ෂිකාවන් මරා විනාශයට පමුණුවන්නෙමි සිතා මෑණියන්ට මොහොලින් ප්‍රහාර දී ජීවිතක්ෂයට පැමිණිවුව,ඒ දැක මාගේ මෑණියෝ මළායයි කියා අඬන්ට පටන් ගත්තීය. ඒ ප්‍රවෘත්තිය අනේ පිඬු මහාසිටානන්ට දැන්වූවාහුය. සිටානෝ් ඒ දාසියගේ ශරීරය ආදාහණ කරවා විහාරයට ගොස් සියලු ප්‍රවෘත්තිය සර්වඥයන් වහන්සේට දැන්හූහ. සර්වඥයන් වහන්සේ ගෘහපතිය මේ දාසිය මෑණීයන්ගේ ශරීරයෙහි මක්ෂිකාවන් මරමි සිතා මොහොලින් ප්‍රහාර දී මෑණීයන් මැරුවා දැන් මතු නොවෙයි පූර්වයෙහිත් මැරුවාමයයි වදාරා අනේපිඬු මහසිටානන් විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකෙුන් රාජ්‍යය කරණ කල්හි බෝධිසත්වයන් වහන්සේ සිටුකුලයෙක්හි ඉපිද පිය මහ සිටුහුගේ ඇවෑමෙන් සිටුතනතුරට පැමිණිසේක. ඒ සිටානන්ගේ ද රෝහිණි නම් දාසියක් වූවාය. ඒ දාසිද තමාගේ් විපහරණ තැනට අවුත් හොත්තා වූ මෑණියන් විසින් දුවනියෙනි මාගේ හිස මක්‍ෂිකාවන් වලක්වයි කියනු ලබන්නී මෙම ක්‍රමයෙන් මොහොලින් ප්‍රහාර දී මැණියන් ජිවිතක්ෂයට පමුණුවා හඬන්ට පටන් ගත්තේය. බෝධිසත්වයන් වහන්සේ ඒ ප්‍රවෘත්තිය අසා අමිත්‍රද වනාහි මේ ලෝකයෙහි ප්‍රඥාවන්ත තැනැත්තෙම උතුමැයි සිතා මෙසේ කීසේක. කරුණා ඇත්තා වූ යම්බදු බාලයෙක් ඇද්ද ඌට වඩා නුවණැත්තා වූ අමිත්‍රයාම උතුම් වන්නේය. කුමක් මෙන්ද යත්, රෝහිණි නම් වූ නුවණ නැත්තී මව මැස්සන් මරමියි මුසලප්‍රහාරයෙන් මරා ශෝක කෙරෙයි. මේ කාරණයෙන් මේ ලෝකයෙහි අමිත්‍රද ප්‍රඥාවත් නැත්තේ උතුම්වන්නේ යයි බෝසතානන් වහන්සේ ගෘහපතිය මෝ තොමෝ මැස්සන් මරාමියි සිතා මව නැසුවා දැන් මතු නොවයි පෙරත් මැරුවාමයයි වදාරා මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා රෝහිණි ජාතකයනිමවා වදාළ සේක. එකල්හි මෑණියන් දැනුත් මෑණියෝම වූහ. දුවණියාේ දැනුත් දුවණියෝය. මහසිටාව උපන්නෙම් වනාහී තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වූ මම ම වේදැයි තමන්සමන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement