Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
44 ආරාම දුෂක ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රට එක්තරා ගෙමෙක්හි වසනසේක් උධ්‍යානයක් දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

සර්වඥයන් වහන්සේ වනාහී කොසොල්රට සැරිසරා වඩනාසේක් එක්තරා ගමකට පැමිණිසේක. ඒ ගමෙහි වසන එක් කෙළඹි පුත්‍රයෙක් සර්වඥයන් වහන්සේට ආරාධනා කොට තමාගේ උයනෙහි වැඩහිඳිනට සලස්වා බුදු පාමොක් මහා සංඝයාවහන්සේට දන්දී ස්වාමින් වහන්සේලා කැමති පරිද්දෙන් මේ උයනෙහි හැසිරෙන සේක්වයි කීයේය. භික්ෂූන් වහන්සේලා උන් තැනින් නැගී සිට උයන්ගොව්වා ගෙණ උයනෙහි හැසිරෙන්නාහූ එක් එලිවූ තැනැක් ඝනවූ ඡායාව ඇත්තේය මෙතැන්හි වෘක්‍ෂයක් හෝ ගසෙක් හෝ නැත්තේය. කවර කාරණයෙක්දැයි විචාළාහ. ස්වාමීන් වහන්ස මේ උද්‍යානය ගස් රෝපනය කරණ කල්හි ගම්දරුවෙක් දිය ඉස්නේ මෙතැන්හි පැල වුල් උදුරා මුල් මපණින් දිය ඉස්සේය. ඒ රුක්පැල මලානිකව මලේය. මේ කාරණයෙන් මේ ස්ථානය එලිවූයේයයි කීය. භික්ෂූන් වහන්සේලා සර්වඥයන් වහන්සේ කරා එලඹ මේ කාරණාව දැන්වූවාහුය. සර්වඥයන් වහන්සේ මහණෙනි ඒ ගාමාදාරකතෙමේ ආරාමය දුෂ්‍යකෙළේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් ආරාමය දූෂ්‍යකෙළේම යයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.

 

 


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි බරණැස් නුවර නකත් කෙළියට ඝෝෂා කළාහුය. නක්‍ෂත්‍ර හෙරි ශබ්දය ඇසූතැන්පටන් සියලු නුවර වැස්සෝ නකත්කෙළි ආශ්‍රය කොට හැසිරෙන්නාහුය. එකල්හි රජුහුගේ උයනෙහි බොහෝ වානරයෝ වසන්නා හුය. උද්‍යානපාලතෙම සිතනුයේ නක්‍ෂත්‍ර ක්‍රීඩාවට බොරලැවූත්‍යේය. මේ වානරයන්ට දිය ඉසුවයි කියා නක්‍ෂත්‍ර ක්‍රීඩා කෙරෙමියි සිතා ජෙෂ්ඨ වානරයා කරා එළඹ යහළු වානර ජෙෂ්ඨය මේ උද්‍යානය නුඹවහන්සේලාටද බොහෝ උප කාරය එහෙයින් නුඹවහන්සේලා මේ උයනෙහි පුෂ්පඵල ඵල්ලවයන් අනුභව කරවයි, නක්‍ෂත්‍ර ක්‍රීඩාවට ඝෝෂණය කෙළේය. මම නක්‍ෂත්‍ර ක්‍රීඩාකරන් නෙමි යම් කලකින් මම එම්ද ඒතාක් කල් මේ උයනේ රුක්පාල ගස්වලට දිය වත්කරන්ට හැකිවන්නාහු දැයි විචාළේය. යහපත හැකිවන්නෙමි කීයේය. එසේ වී නම් අප්‍රමාදවයි කියා දිය වත්කරණු පිණිස ඔවුන්ට සම්පයිද කාෂඨමය කළද දී ගියේය. වානරයෝ සම් පයිද දඬු කළද ගෙණ පැල ගස්හි දිය වත්කරන්නාහුය. ඉක්බිත්තෙන් ඔවුනට වානර රජතෙම කියනුයේ පින්වත්හු වානරයෙනි ජලය නම් රක්ෂා කටයුත්තේය. තෙපි පැල ගස්හි ජලය වත්කරන්නාහු ගස් උපුටා උපුටා මුල් බලා ගැඹුරුවගිය මුල්හි බොහෝ ජලය වත්කරව ගැඹුරුව නොගිය මුල්හි ස්වල්පයක් වත්කරව පසුව අපට ජලය ලැබගත නොහැක්කේයයි කීයේය. ඔහු වානර රජුහුගේ වචනය යහපතැයි පිළිගෙණ එලෙස කළාහුය. එසමයෙහි පණ්ඩිත පුරුෂයෙක් රාජ්‍යාද්‍යානයෙහි එලෙස කරන්නාවූ ඒ වානරයන් දැක මෙසේ කීයේය. පින්වත් වානරයෙනි කවර කාරණයනින් තෙපි අළුත රොපනය කරණලද පැලගස් උපුටා උපුටා මුල් පමණින් ජලය වත්කරන්නාහු දැයි කීයේය. ඒ වානරයෝ අපගේ වානර රජතෙම මෙසේ අවවාද දුන්නේයයි කීවාහුය නුවණැත්තා වූ පුරුෂතෙම ඒ වචනය අසා පින්වත්නි ඒ කාන්තයෙන් පිරීහීමක් වූයේය. අඥානවූ නුවණ නැත්තෝ වැඩක්කරම්හයි කියා අවැඩක් කරන්නාහුයයි සිතා මෙසේ කීයේය. අනර්ථයෙහි දක්ෂයා විසින් අර්ථයෙහි හැසීරීම සුවඑලන්නේ නොවෙයි නුවණ නැති තැනැත්තේ වැඩ පිරීහෙලන්නේය. කවරෙක්හු මෙන්ද කීවොත් උද්‍යානයෙහි නියුක්ත වානරයා වැඩකෙරෙමියි සිතා අවැඩ කෙළේයයි කියා මෙසේ ඒ නුවණැති පුරුෂ තෙම වානර රජහට නින්දා කොට තමාගේ පර්ෂිද් ගෙණ උයනින් නික්මුනේය. සර්වඥයන් වහන්සේ මහණෙනි මේ ගම ලදරුවා උයන දූෂ්‍ය කෙළේ දැන් මතු නොවෙයි පෙරත් උයන දුෂ්‍ය කෙළෙමි යයි වදාරා මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ ආරාම දුසක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ප්‍රධාන වානරතෙම දැන් ආරාම දුෂ්‍ය කළ ගම්ලදරු වූයේය. පණ්ඩිත පුරුෂව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement