Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
45 වාරුණී ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක් ආරාම දුෂ්‍ය කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක.

අනේපිඬු මහසාටනන්ගේ වනාහි යහළුවූ එක්තරා වෙළෙන්දෙක් තියුනුවූ රා යොදාහි රණ්‍යස්වර්ණාදිය ගෙණ විකුට වසනුයේ මහජනයා රැස් වූ කල්හි සගය තෙපි මිලගෙණ රා දෙවයි කියා අතවැස්සකුට අනවා තෙමේ නගනු පිණිස ගියේය. අතවැසි පුරුෂතෙම මහජනයාහට රාදෙනුයේ මනුෂ්‍යයන් අතරතුර ළුනුකැට ගෙන්වාගෙණ අනුභවකරන්නවුන් දැක රා ළුනු නැත්තේවන ළුනු මෙහි බහන්නෙම් සිතාරා සැලෙහි නැළියක් පමණ ළුනූ බහා ඔහුන්ට රා දෙන්නේය. ඔහු මුඛය පුරපුරාගත් රා දමා තොප විසින් කවරක් කරණ ලද්දේදැයි විචාළහුය. තෙපි රා බී ළුනු ගෙන්වන්නවුන් දැක ළුනුයෙන් යෙදුයෙමි කියේය. මෙබඳු මනාප වූ රා නැසූයෙහිය අඥානයෙහි යයි ඕහට නින්දාකොට නැගීසිට ගියාහ. රා වෙළඳතෙම අවුත් එක් සත්වයෙකුත් නොදැක රාපීවාහු කොතැන්හි ගියාහුදැයි විචාළේය. ආඥානය මෙබඳු මනොඥ රා තා විසින් නසනලද්දේදැයි නින්දාකොට මේ කාරණාව අනේපිඬු මහාසිටානන්ට දැන්වූ යේය. අනේපිඬු මහසිටානෝ අපට මේ තෙපුල් පඬුරක් ඇතැයි සිතා ජෙතවනාරාමයට ගොස් බුදුරජානන් නමස්කාර කොට එකත්සප්ව ඉඳ මේ කාරණාව දැන් වූයේය. බුදුරජානන් වහන්සේ වදාරණසේක් ගෘහපතිය මේ තෙම රා දුෂ්‍ය කෙලේ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් රා දුෂ්‍ය කෙළේමයයි වදාරා අනේ පිඬු මහසිටානන් විසින් ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් කථාව දක්වා වදාළ සේක.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝධිසත්වයන් වහන්සේ බරණැස්නුවර සිටු කුලයක ඉපිද වැඩිවියට පැමිණ සිටුස්ථානාන්තරයට පැමිණිසේක. ඒ බරණැස් සිටානන් නිසා එක්තරා වෙළෙන්ඳෙක් ජීවත්වන්නේය. ඒ වෙළඳපුත්‍රතෙම තියුණුවූ රා යොදා මේ රා විකුටමිලගණුවයි කියා අතවැස්සාට කියා නහනු පිණිස ගංගාවට ගියේය. අතවැසි පුරුෂතෙම අප මහබෝසතානන් වහන්සේ ආශ්‍රයකොට සිටි වෙළෙන්ඳා ගිය පමණකින්ම රා සැළවල්හි ළුනුබහා මෙම ක්‍රමයෙන් රා නැසුයේය. ඉක්බිත්තෙන් ඔහුගේ ආචාරිතෙම අවුත් ඒ කාරණාව දැන සිටානන්ට දැන් වූයේය සිටානෝ අනර්ථයෙහි දක්ෂ වූ අඥානයෝ වැඩකරම්හයි කියා අවැඩකරන්නාහුයයි කීසේක. අනර්ථයෙහි දක්ෂා විසින් කරණලද අර්ථචර්යා තොමෝ සුව ඵලවන්නී නොවෙයි නුවන නැතිතැනැත්තේ තමාහට වැඩ පිරිගෙලන්නේය. කවරක්හූ මෙන්දයත් රා සැලවල ළුනුලා නැසීද එපරිද්දෙන් නුවන නැති තැනැත්තේ යහපත් කෙරෙමියි නපුරක්ම කරන්නේයයි කියා බෝධිසත්වයන් වහන්සේ බණ වදාළ සේක. ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ්ද ග්‍රහපතිය මේ අතවැසි පුරුෂතෙම රා දුෂ්‍යකෙළේ දැන් මතු නොවෙයි පෙරත් සුරා දුෂ්‍ය කෙළේමයි වදාරා පූර්වාපර සන්ධි ගළපා මේ චාරුණි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි රා දුෂ්‍ය කළ අතවැසි පුරුෂ තෙම දැනුදු සුරා දුෂ්‍යකළ අතවැසි පුරුෂවූයේය. බරණැස් සිටුව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement