Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
48 චූලජනක ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරණ සේක් පසුබට වීර්ය ඇති භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

එහි වර්ථමාන කථාව හා අතීත කථාව මහජනක ජාතකයෙහි විස්තර වශයෙන් මතු ප්‍රකාශ වන්නේය. මේ ජාතකයෙහි චුල්ලජනක රජ්ජුරුවෝ වනාහී ධවල චඡත්‍රයාගේ යට පනවන ලද සිංහාසන මස්තකයෙහි හුන්සේක් මෙසේ පර්ෂිද්ට කීසේක.


පුරුෂතෙම නිෂ්ඨාවට පැමිණෙමියි ආසාව කරන්නේය. ප්‍රාඥා පුරුෂ තෙම මේ නම් සදාගත හැකිදැයි උකටලී නොවන්නේය. ඒ එසේමැයි දියෙන් ගොඩට නැංගාවූ මම මාගේ ඓශ්චර්ය බලමි යම් පුරුෂයෙක් වීර්ය කළේ නම් ඒ වීර්ය ඵලය සිද්ධ වන්නේය. සාගරයෙන් පීනා විර්යයෙන් ගොඩ දුටුවා මෙනැයි දැක්වූසේක. මේ ජාතකයෙහිද පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයට පැමිණිසේක ජනක නම් රජව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement