Skip to content

Default screen resolution  Wide screen resolution  Increase font size  Decrease font size  Default font size 
You are here:    Home
55 භෙරිවාද ජාතකය PDF ලෙස මුද්‍රණය කරන්න ඉ-තැපැල්

තවද එක්සමයෙක්හි සනරාමර ලෝකගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනසේක් එක්තරා දුර්වව භික්ෂූවක් හූ අරභයා මේ ජාතකය වදාළසේක.

සර්වඥයන් වහන්සේ ඒ මහණහට වනාහි වදාරණසේක් මහණ තෝ අකිකරුවුයේ සැබැදැයි විචාරා වදාළකල්හි භාග්‍යවතුන් වහන්ස සැබෑවයි දැන්වූකල්හි මහණ තෝ අකිකරුවූයේ දැන් මතු නොවෙයි පෙරත් අකීකරු වූයේහියයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

 

 


යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි අප මහාබෝසතාසන් වහන්සේ භේරිවාදක කුලයෙක්හි ඉපිද වැඩිවිය පැමිණ එක්ගමෙක්හි වාසය කරණ සේක. ඒ අප මහබෝසතානන් වහන්සේ බරණැස්නුවර නකත් කෙළියට බෙරලැවු ශබ්දය අසා නෘත්‍යමණ්ඩලයෙහි භෙිවාද්‍ය කොට වස්තුව ගෙණඑන්නෙමි සිතා පුත්‍රයාද කැඳවාගෙණ නෘත්‍යමණ්ඩලයට ගොස් භේරීවාද්‍ය කොට බොහෝ වස්තුව ලැබ ඒ වස්තුව ඇරගෙණ තමාගේ ගමට එනසේක් අතරමග සොරුන් විසින් අධිගෘහිත වූ අරණ්‍යයටකට පැමිණ නිරන්තරයෙන් භේරි වාද්‍ය කරන්නාවූ පුත්‍රයා වැලැක්වූ සේක් පින්වත් වූ පුත්‍රය නිරන්නරයෙන් භේරිවාද්‍ය නොකොට මගට පිළිපන්නාහු විසින් ප්‍රධානීන්ට වයන්නාවූ භේරිශබ්දය මෙන් අනතුරෙහි වයවයි කී සේක. පියානන් විසින් වලක්වන්නාවූ ඒ පත්‍රතෙම හේරිශබ්දයෙන්ම සොරුන් ළුහුබඳවමියි සිතා අතුරු නැතිවම බෙර වැයුයේය.

සොරුහු පළමුවෙන්ම භේරිශබ්දය අසා ඊශ්වර භේරිශබ්දයකැයි දිවගොස් අතිශයින් ඒකාබන්ධ ශබ්දය අසා මේ ඊශ්වර භේරි ශබ්දයෙක් නොවන්නේයයි සිතා අවුත් පරික්ෂාකොට දෙදෙනාම දැක තළා වස්තු පැහැරගත්තාහුය. අප මහබෝසතානන් වහන්සේ ඒ කාන්තරයෙන් දුකසේ ලබන ලද වස්තුව ඒකාබන්ධකොට භේරිවාද්‍ය කරන්නා වූ පුත්‍රයා විසින් නසන ලද්දේ යයි පුත්‍රයාට මෙසේ කීසේක. භේරිවාද්‍ය කරන්නේය භේරිවාද්‍ය ප්‍රමාණ ඉක්මවා නොම කරන්නේ නිරතුරු වාද්‍ය නොකරන්නේය. ප්‍රමාණාති ක්‍රමණය කොට නිරතුරුවම භේරිවාද්‍ය කිරීම වනාහි පවිටු වන්නේය. හේ කුමක් හෙයින්ද යත්? භේරිප්‍රහරණය කරන්නාහු විසින් කර්ෂිපාණ සියයක් ලබන ලද්දේය. ඒ ලබනලද දෙය නිරන්තරයෙන් නොකීකරුව වාද්‍යය කරන්නාහු විසින් නසනලද්දේයයි කීසේක. ශාස්තෘ වූ බුදුරජනානන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළසේක.

එසමයෙහි පුත්‍රතෙම අකීකරු මහණ වූයේය. පියාණෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේකි.

 

 
< පසුපසට   ඉදිරියට >

Links

Ads

Banners

Advertisement